67 හැවිරිදි වෙදා කුඩු සමග මාට්ටු


(උපුල් හේරත්)

අනුරාධපුර නගරයේ පෞද්ගනික බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගිය 67 හැවිරිදි වෛද්‍යවරයෙක් ළඟ තිබුණා යැයි කියන හෙරොයින්  මිලිග්‍රෑම් 2260 ක් සමගින් එම වෛද්‍යවරයා අනුරාධපුර පොලිසියට අනියුක්ත කොටිඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුව ගනු ලැබීය .

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරියකුට ලැබුණු තොරතුරකට අනුව මෙම වෛද්‍යවරයා ගමන් ගත්  වෑන් රථය නැවැත්වීම සඳහා පොලිස් නිලධාරියකු අතින් සංඥා කර ඇත . එම වෑන් රථය නොනවත්වා යාම නිසා ඔහු පිටු පස හඹා ගිය පසු එම වාහනය නවතා ඇත්තේ ඔහුගේ නිවස ඉදිරිපිටය.

වෑන් රථයේ පරීක්ෂාකල පොලිසියේ නිලධාරීන්ට මත් ද්‍රව්‍ය පාර්සලයක් තිබී හමු වී ඇත .තවදුරටත් එය පරීක්ෂාකල පොලිස් නිලධාරීන් සඳහන් කළේ වෛද්‍ය වරයා ලෙස පෙනී සිටි තැනැත්තාගේ වයස අවුරැදු 67 ක් වන බවත් ,ඔහු 2015 වසරේ ලියාපදිංචි වූ තැනැත්තෙකු බවයි .