2024 පළමු කාර්තුවේ දී ජනපති පාර්ලිමේන්තුව විසුරුවනවා


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

2024 පළමු කාර්තුවේ දී ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවන බවට තමාට  විශ්වාසයක් ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

නියමිත වසර 5  පිරෙන තුරු පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතැයි ජනාධිපතිවරයා පොහොට්ටුවට පොරොන්දුවක් ලබා දී ඇතත් ඔහුගේ ඒ පොරොන්දු ගැන විශ්වාසයක් තැබිය නොහැකි බව ද බණ්ඩාර මහතා සඳහන් කළේය.

මේ පාර්ලිමේන්තුව සමග ජනපතිට ඉදිරියට යාමට බැරි බව ද නලින් බණ්ඩාර මහතා සඳහන් කළේය.

රටේ ආර්ථිකය බංකොලොත් වීමේ  වැරැද්දට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරද පැවරූ මහින්ද මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේ වැය ශීර්ෂ ඉවත් කරන්නැයි ද ඔවුන් රටේ ජනතාවගේ බදු මුදලින් පෝෂණය කළ යුතු නැතැයි ද නලින් බණ්ඩාර මහතා සඳහන් කළේය.