(ඩයනා උදයංගනී)
කොවිඩ් මර්දන එන්නත ලබාදීමට සදහා වයස අවුරුදු 18 ට අඩු දරුවන්ගේ තොරතුරු ඇතුලත් කරන්නැයි සදහන් කරමින් ඇතැම් සමාජ මාධ්‍යවල ව්‍යාජ අයදුම්පත්‍රයක් පළ කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.
එය සෞඛ්‍ය අමාත්‍යංශය හෝ ඊට අනුබද්ධ ආයතනයකින් නිකුත් කළ එකක් නොවන බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
එබැවින් අන්තර්ජාලය ඔස්සේ ලැබෙන එම අයදුම්පත පිරවීමෙන් වළකින්නැයි ජනතාවට දැනුම්දීමක් කරන බවද රංජිත් බටුවන්තුඩාව මහතා කීවේය.
ඔහු මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේදී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

