18 සිසුවා පැදවූ වෑන් රථයේ පී.සී ගැටේ


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කොල්ලුපිටිය මුහුදු මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 18 හැවිරිදි සිසුවකු පැදවූ වෑන් රථයක ගැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි.

වෑන් රථයේ ගැටීමෙන් තුවාල ලැබූ  කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවෙයි අනතුර සිදු කළ බව කියන වැන් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.

කොල්ලුපිටිය මුහුදු මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු වෑන් රථයකට නතර කරන ලෙස සංඥා කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

වෑන් රථය පදවාගෙන ආ බව කියන ජාත්‍යන්තර පාසලේ සිසුවාට එම වෑන් රථය පාලනය කර ගැනීමට නොහැකිව කොස්තාපල්වරයාගේ ඇඟේ ගැටීකොස්තාපල්වරයා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.