(නාලක සංජීව දහනායක)
මෙවර අයවැය පරාජය කිරීමට නොහැකි බව මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (25) පැවැසීය.
ජිනීවා මානව හිමික් කවුන්සිලයේ දී ලැබෙන පොරොන්දු අනුව විපක්‍ෂයේ දේශපාලන කණ්ඩායමක් වන ද්‍රවිඩ ජාතික සන්ධානය රජයට සහය දක්වන බව කී අලහප්පෙරුම මන්ත‍්‍රීවරයා ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්‍ෂයේ මෙහෙකාර සේවයට ඇතුළත්ව සිටින බවද මන්ත‍්‍රීවරයා කීය.
එබැවින් මෙවර අයවැය පරාජය කිරීමට හැකියාවක් නොලැබෙන බව මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී අද (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

