ප්‍රවීණ ගායන ශිල්පී විශාරද සුනිල් එදිරිසිංහගේ ගායන දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් “සුනිලයාමය” (සුනිල් එදිරිසිංහ අඩ සිය වසක ගී සඳඑළිය) විශේෂ ගී ප්‍රසංගය ලබන අගෝස්තු මස 03 වැනි දින පස්වරු 6.30ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ මෙහිදී විශාරද සුනිල් එදිරිසිංහ ගීත රැසක් ගායනා කිරීමට නියමිතය. මෙම ප්‍රසංගයේ විශේෂත්වය වන්නේ සුනිලුන්ගේ පුත් සංඛ එදිරිසිංහ හා දියණිය වන සංඛනී එදිරිසිංහ ගීත ගායනයෙන් තම පියාණන්ට සහාය වීමය.
“සුනිල යාමය” ප්‍රසංගයේ පිටපත පුෂ්කර වන්නිආරච්චිගෙන් වන අතර නාද සංකලනය කසුන් ප්‍රියංගගෙනි. ප්‍රවීණ නිවේදක සමන් අතාවුදහෙට්ටි ප්‍රසංගය මෙහෙයවනු ලබයි. මෙය ණසඑැි ෑඩැබඑි ඉදිරිපත් කිරීමකි.

