මානෙල් රෝගාතුර වෙයි


ජනප්‍රිය වේදිකා, ටෙලිනාට්‍ය මෙන්ම චිත්‍රපට රංගන ශිල්පිණියක් වන මානෙල් චන්ද්‍රලතා දැඩි ලෙස රෝගාතුරව මේ වනවිට මහරගම අපේක්ෂා රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටින්නීය.

ඇයට ඉක්මන් සුවය පතා නුවන් විජය ශ්‍රී ප්‍රමුඛ ශ්‍රී ඩී්‍රම්ස් රුක්මණී දේවි කලායතනය මගින් විශේෂ බෝධිපූජා පිංකමක් අද  (21) පස්වරු 6.00ට පිළියන්දල කුඩාමාදුව ශ්‍රී සාංඝිකාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම පිංකම සඳහා සියලුම කලාකරුවන්ගේ පැමිණීමත්, මානෙල් චන්ද්‍රලතාගේ රසික රසිකාවියන්ගේ පැමිණීමත් බලාපොරොත්තු වන බව නුවන් විජය ශ්‍රී “රසවින්දන”ට පැවැසීය.