වැඩිම පිරිස සංවිධානාත්මක අපරාධකරුවන්
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල
උපුල් වික්‍රමසිංහ
මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා ගත වූ කාලයේ දී සංවිධානාත්මක අපරාධකරුවන් විසින් අනීතිකව උපයා ගන්නා ලද රුපියල් කෝටි 500 කට ආසන්න වත්කම් (4,529,781,238.41) අත්හිටුවා ඇත. මේ බව හෙළි කරමින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ඉරිදා ලංකාදීපයට පැවසුවේ දේශපාලනඥයන්ට අයත්ව තිබූ වත්කම් ප්‍රමාණයක් ද එහි අන්තර්ගත බව ය.
මේ බව හෙළි කරමින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ඉරිදා ලංකාදීපයට පැවසුවේ දේශපාලනඥයන්ට අයත්ව තිබූ වත්කම් ප්‍රමාණයක් ද එහි අන්තර්ගත බව ය.
සංවිධානාත්මක අපරාධකරුවන් විසින් නීතිවිරෝධීව රැස් කරනු ලැබ ඇති වත්කම් ගැන විමර්ශන අඛණ්ඩව සිදු කරන බව කී අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත අනුව යම් තැනැත්තෙකු අපරාධයකින් අත්පත් කරගන්නා දේපොළ අත්හිටුවීම සඳහා එයින් සලසා ඇති ප්‍රතිපාදන ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේ ය.
ඒ අනුව අදාළ පනතෙන් ප්‍රතිපාදන සලසා ඇති පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ වෙනම ඒකකයක් පිහිටුවීමටත් අපරාධයකින් අත්පත් කරගන්නා ලද දේපොළවල භාරකාරත්වය හිමි අධිකාරියක් පිහිටුවීමටත් කටයුතු කරන බව කී හෙතෙම ඒ වෙනුවෙන් පොලිස් අධ්‍යක්ෂවරයෙකු පත් කර ඇතැයි ද ප්‍රකාශ කළේ ය.