තංගල්ල නගර සභාව ජාජබට


(යොහාන් භාසුර)

ජාතික ජනබලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල නගර සභාවේ සභික ධූර 19 න් නවයක් දිනාගැනීමට සමත්විය.

සමඟි ජනබලවේගය සභික ධූර 5 ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභික ධූර 3 ක්, එක්සත් ජාතික පක්‍ෂය සහ සර්වජන බලය සභික ධූරය බැගින් ද හිමිකරගත්තේය.

ජාතික ජනබලවේගය ඡන්ද 2,260 ක් ද, සමඟි ජනබලවේගය ඡන්ද 1,397 ක් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 795 ක් ද, එක්සත් ජාතික පක්‍ෂය ඡන්ද 265 ක් ද, සර්වජන බලය ඡන්ද 177 ක් ද, ලැබීය.