වසරේ විශිෂ්ටතම පුවත්පත ලංකාදීපය: තවත් සම්මාන හයකුත් දිනා ගනී


ලංකාදීප පුවත්පත ‘‘ඒෂියා මිරකල්‘‘ සම්මාන උලළේදී ශ්‍රී ලංකාවේ හොඳම පුවත්පත සහ පුවත්පත් සන්නාමය ලෙස විශිෂ්ඨ සම්මානයෙන්  පිදුම් ලැබීය.

මෙම සම්මාන උළෙල 'වෝටර්ස් එජ්' හෝටලය පරිශ්‍රයේදී  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, ජයන්ත කැටගොඩ,  එන්.යූ.ජී.පී. ඉන්ටර්නැෂනල් ඕගනයිෂේෂන් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ  ඒ.කේ නිරෝෂන් මාධව සහ එහි නිර්මාණ අධ්‍යක්ෂ  හේමරන්සි ජයරත්න යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (30) පස්වරුවේ විචිත්‍රවත් අයුරින් පැවැත්විණි.

පුවත්පත් වෙනුවෙන් පිදෙන සම්මාන 15 අතරින්  සම්මාන 7 ක්ම  ලංකාදීපයට එහිදී හිමිවීම විශේෂත්වයකි.

හොඳම පුවත් පත සහ හොඳම පුවත්පත් සන්නාමයට හිමි සම්මානය, හොඳම ප්‍රවෘත්ති කර්තෘ සහ මාධ්‍යවේදියාට හිමි සම්මානය ලංකාදීප  සම ප්‍රවෘත්ති කර්තෘ සුජිත්හේවා ජුලිගේ , හොඳම කවියාට හිමි සම්මානය ලයනල් පෙරේරා, හොඳම ප්‍රාදේශීය ප්‍රවෘතිකර්තෘට හිමි සම්මානය ලංකාදීප ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ නිරෝෂණ ගොඩැල්ලගේ, හොඳම කාටුන් ශිල්පියාට හිමි සම්මානය ලංකාදීප කාටුන් ශිල්පී දාස හපුවලාන, හොඳම වෙබ්අඩවියට හිමි සම්මානය ලංකාදීප වෙබ් කර්තෘ, සහ ලංකාදීප නියෝජ්‍ය  ප්‍රවෘත්ති කර්තෘ  අරුණ ශාන්ත කුමාර පෙරේරා සහ හොඳම ප්‍රාදේශීය මාධ්‍යවේදියාට හිමි සම්මානය ලංකාදීප මනම්පිටිය ප්‍රාදේශීය මාධ්‍යවේදී නිමල් ජයරත්න මහත්වරු හිමිකර ගනු ලැබූහ.

ලංකාදීප නියෝජ්‍ය කර්තෘ දමින්ද විජේසූරිය සහ සන්නාම ප්‍රවර්ධන උපදේශක සුජිත් පතිරන්නැහැ යන මහත්වරුන්   හොඳම පුවත්පත සහ  හොඳම සන්නාමය ලෙස ලංකාදීපයට හිමි සම්මාන  ලබාගත් අයුරු.