”සුළු මතබේද තිබුණත් රජයෙන් යන්නේ නෑ”


රජය සමග සුළු මතබේද ඇතත් ලොකු ප‍්‍රශ්න නැති නිසා රජය සමග සිටින බව මුස්ලිම් කොංග‍්‍රස් නායක රවුප් හකීම් මහතා ත‍්‍රිකුණාමලයේ දී මාධ්‍යවේදින් සමග පැවැසීය. නැගෙනහිර පළාත් සභාවේ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයට තනිවම නාම යෝජනා දිසාපති මේජර් ජනරාල් රංජිත් ද සිල්වාට බාරදුන් ඔහු කීවේ මහ ඇමැති අපේක්ෂක නම් නොකරන බවයි.