”සිම්” දෙන්න දෙසීය බැගින් කපාගෙන


ජංගම දුරකතන සිම් කාඞ්පතක් දීම සඳහා තම වැටුපෙන් රුපියල් දෙසීය බැගින් කපාගෙන ඇතැයි සිවිල් ආරක්ෂක සෙබළු කියති. මේ ගැන පරීක්‍ෂණයක් අරඹන ලෙස එහි පිරිසක් ඉල්ලති. සිවිල් ආරක්ෂක භටයන් තිස්හය දාහක් සිටිති.  ඒ අනුව කපාගත් මුදල් රුපියල් ලක්‍ෂ 72ක් පමණ වෙතියි කියති. බොහෝ දෙනා කියනුයේ තමනට නොදන්වා මේ මුදල කපාගෙන ඇති බවය. එම දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අද්මිරාල් ආනන්ද පීරිස් පැවසුවේ දිවයින පුරා සිටින 37000ක සෙබළුන් අතර විධිමත් සංනිවේදන පද්ධතියක් නොතිබිම නිසා ඇතිවූ රාජකාරි ගැටලූ නිසා රජයට සම්බන්ධ සමාගමකින් සහනදායක පැකේජයක් ලබාදීමට කටයුතු කළ බවයි. සියලූම සාමාජිකයන් ඒ ගැන දැනුම්වත් කළ බවද ඔහු කියයි.