”සැබෑ හොරුන් බේරන්න හදනවා”


කොළඹ කෞතුකාගාරයේ භාණ්ඩ සොරකමට එහි ඇතුළින් සහාය ලැබී ඇතැයිද එහෙත් දැන් එය කොහේවත් යන කුඩුකාරයෙක්ගේ ගිණුමට බැර කර සැබෑ හොරුන් බේරීමේ සූදානමක් ඇතැයිද ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය  ඕමල්පේ සෝභිත හිමියෝ පවසති. ආණ්ඩුවට සම්බන්ධ දේශපාලනඥයන්ද මේ කොල්ලය පිටුපස සිටින්නේ දැයි සැක මතුවන බවද  ඕමල්පේ හිමියෝ කියති