”ලංකාවෙන් එන අය වහා හරවා යවනු”
යාත‍්‍රා මගින් ඕස්ටේ‍්‍රලියාවට එන ශ්‍රී ලාංකිකයනට ඕස්ටේ‍්‍රලියා පොළොවේ පය තැබීමට වත් ඉඩ නොතබා ආපසු හරවා යවන්නැයි ඕස්ටේ‍්‍රලියා විපක්‍ෂ නායක ටෝනි ඇබොට් හා එහි නියෝජ්‍ය නායිකා ජුලී බිෂොප් මාධ්‍ය සමග පැවසූහ.
ශ්‍රී ලංකාවේ දැන් යුද්ධයක් නැති බවත් සරණාගතයින් ලෙස ඕස්ටේ‍්‍රලියාවට එන්නේ ආර්ථික ප‍්‍රතිලාභ සොයාගෙන බවත් ඔවුහු කියති.
ඕස්ටේ‍්‍රලියා ආගමන විගමන වාර්තා අනුව 2008 සිට 4490 දෙනෙක් එහි පැමිණ ඇත්තාහ. ඔවුන්ගෙන් 878 දෙනෙක් ආරක්ෂිත පුරවැසි සහතිකය ලබා සිටිති. ඕස්ටේ‍්‍රලියාවට එන සරණාතයින් දකුණු පැසිපික් සාගරයේ නාඋරු දිවයිනට යොමු කිරීම සඳහා වන ගිවිසුමකට දෙරට පසුගියදා අත්සන් කළේය.

