”ලංකාව ලොව සාමාකාමිම රටයි”
යුද වැදි සිටි රටක් ලොව බෙහෙවින්ම සාමකාමී, ස්ථාවර හා. ආරක්‍ෂාව ඇති රටක් බවට පසුගිය තුන් වසරේ දී පරිවර්තනය කිරීමට හැකිවී යැයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කොළඹ ආරක්‍ෂක සමුළුවේ දී පැවැසීය.
රටවල් 42ක නියෝජිතයන ගේ සහභාගිතවයෙන් මේ තුන් දින සමුළුව පැවැත්වේ.
ලොව බිහිසුණුම ත්‍රස්තවාදීන් ලෙස ඇමෙරිකාව විසින් හැඳින් වුණු කොටි සංවිධානය 2009 මැයි 18 වැනිදා පරාජය කිරීමෙන් පසුල වර්ග කිලෝමීටර් 5000ක බිම් බෝම්බ ගලවා, කොටි බළකොටු පිළිසකර කැරල අවතැන්වූ තුන් ලක්‍ෂයක් යළි පදිංචි කරවාල බාරවූ කොටි සාමාජිකයන් 12000ක් පුනරුත්ථාපනය කැර සමාජ ගත කැරල මුළු රටේම සාමය උදාකැරල ජාතික සමගිය හා ආර්ථික සංවර්ධනයක් ජාතික පුනරුදයක් ඇති කළ බව ආරක්‍ෂක ලේකම් කීවේය.

