”රට සල්ලි හොර ගනුදෙනු එපා”
ශ්‍රී ලංකා රුපියල් ඇමෙරිකා ඩොලර්වලට මාරු කර දෙන බව පවසමින් ඇතැමුන් හා ඇතැම් ආයතන මහජනයා මුලා කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් කෙරෙහි මහ බැංකුවේ අවධානය යොමුව ඇත.
වඩා වැඩි ප‍්‍රතිලාභ දෙන බවට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් තැපෑලෙන් මහා ප‍්‍රචාරයක් දෙන මොවුන්, මුදල් වංචා කළ අවස්ථා කිහිපයක් පිළිබඳව ද තොරතුරු මහ බැංකුව වෙත ලැබී ඇත.
මෙවැනි ගනුදෙනුවලින් වැළැකී සිටින ලෙස මහජනයා දැනුම්වත් කරන ශ්‍රී ලංකා මහ බැංකුව, තම අනුදැනුමින් පරිබාහිරව කෙරෙන මේ ආකාරයේ ගනුදෙනු නීති විරෝධී බව ද, එසේ ගනුදෙනුවල නිරත වීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද සඳහන් කරයි.

