”රජයේ උත්සවෙන් සංධානෙට උඩ ගෙඩි”
මැතිවරණය පැවැත්වෙන පළාත්හි රාජ්‍ය උත්සව දේශපාලනමය ස්වරුපයක් ගෙන ඇතැයි පෙනී යන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.
අපේක්ෂක ජයග‍්‍රහණය සඳහා රාජ්‍ය සම්පත් යොදා නොගන්නැයි මැතිවරණ කොමසාරිස් ඉල්ලා සිටියද සමහර ආයතනවල දේපළ වාහන මෙන්ම සේවකයින්ද අපේක්ෂක ජයග‍්‍රහණයට උඩගෙඩි දීමට යොදාගෙන ඇතැයි පෙනී යන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් චන්ද්‍රරත්න පල්ලේගම මහතා කියයි.
ඡන්ද විමසීමක් සඳහා නාමයෝජනා කැඳවීමේ දිනය ප‍්‍රසිද්ධ කළ දින සිට ඡන්ද විමසීම අවසන් වන තෙක් පක්ෂයක ජය උදෙසා රාජ්‍ය සම්පත් යෙදවීම සාධාරණ හා අපක්ෂපාතී ඡන්ද විමසීමක් බරපතල ලෙස අපයෝජනය කිරීමකැයිද එය අවසන් ප‍්‍රතිඵලයට බලපාන බවද පරිපාලන සේවා සංගමය ලිපියකින් ඡන්ද කොමාසාරිස්ට දන්වා ඇත.

