”යළි කණුවල උස නොබලනු”
ජාතික ස්වර්ණාභරණ අධිකාරිය කතරගම පිහිටි තම ඉඩම මැණික් ගැරීම සඳහා පවරාගත් නමුත් තමාට කිසිම ප‍්‍රතිලාභයක් නොවීයයි කියමින් කොළඹ කොම්පඤ්ඤවීදියේ ගුවන් හමුදා කඳවුර අසල අඩි 200ක් උසැති කුළුනක නැඟ සිටි කතරගම රුවන් චන්දන නම් ගොවියා ශරීර ඇප මත මුදාහල කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා යළි කුළුනු මතට නොනගින ලෙස තරයේ අවවාද කෙළේය.
පොලිසිය ඔහු උසාවියට ඉදිරිපත් කරමින් කීවේ ගුවන් හමුදාව අසල කුළුනකට නැඟ සිටින ඔහු ජංගම දුරකථනයෙන් කතා කරමින් ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි දේ කරතියි සැකපිට අත්අඩංගුවටගත් බවයි.

