”මාලඹේ උපාධිය දෙනවාමයි”


මාලඹේ පෞද්ගලික වෛද්‍ය විදුහල ආරම්භ කිරීමට එරෙහි පිරිස ඉතා සුළු බවත්, විශේෂඥ වෛද්‍යවරුන් පවා ඊට එරෙහි නොවූ බවත් එහෙයින් එහි උපාධි පිරිනැමීමට අනුමැතිය දී ඇති බවත් උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා උඩුනුවරදී පැවසීය. එම පෞද්ගලික විශ්වවිද්‍යාලයය නීත්‍යනුකුල කැර එහි උපාධිය පිළිගන්නා ආකාරයට සියලූ දේ කැර ඇතැයි ද ඊට එරෙහිව හඬ නගන වෛද්‍ය සංගමය, සුළු පිරිසකගේ සංගමයක් යැයි ද රට පිළිගත් වෛද්‍යවරුන් එහි නැතැයි ද ඇමැති දිසානායක කීවේය.