”බුදු පිළිමෙට නිසි ගෞරව දුන්නා”


රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය බුදුරුව අනිසි තැනක තැන්පත් කර තිබිණැයි රෝමයේ ධර්මාශෝක බෞද්ධ විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියෝ පවසති. රෝම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති අරුණි රණරාජා මහත්මිය කීවේ බුදු පිළිමය අනිසි තැනක තැන්පත් නොකළ බවයි. තව දින කිහිපයකින් පිළිම වහන්සේ විහාර කුටියක තැන්පත් කරන බවද ඇය කීවාය.