”බිලි පූජාව නවත්වන්න බලයක් නෑ”
හලාවත මුන්නේශ්වරම් ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ බිලි පූජාව නතර කරන්නැයි නියෝග කිරීමට තමාට බලයක් නැතැයි හලාවත දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් ජගත් ඒ කහඳගමගේ මහතා බිලිපූජාව නතර කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම ඉවත දමමින් පැවසීය.
තුන්හෙළ ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් ඕමාරේ කස්සප හිමියන් කාලි කෝවිලේ බිලිපූජා නතර කරන ලෙසට හලාවත පොලිසියට පැමිණිල්ලක් කරමින් ඉල්ලා තිබුණි.
ඒ අනුව පොලිසිය මේ තහනම් නියෝගය ඉල්ලීය.

