”පහේ ප‍්‍රශ්න පත‍්‍රය පිටවී නැහැ”


පහේ ශිෂ්‍යත්ව විභාගයේ අක‍්‍රමිකතා හෝ ප‍්‍රශ්න පත‍්‍ර කලින් පිටවූ බවට සාක්කි නැති බව රහස් පොලිස් පරීක්‍ෂණයෙන් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. එම විභාගයේ අක‍්‍රමිකතා සිදුවූ බව පවසමින් ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා දුන් ප‍්‍රකාශය අනුවද ඔහු විසින් සැපැයූ දුරකතන අංකවල හිමිකරුවන්ගේ ප‍්‍රකාශ අනුවද ප‍්‍රශ්න පත‍්‍රය කලින් පිටවූ බව තොරතුරු නැතැයිද ඔහු කියයි.