”පලාගල මරුවා” ගමෙන් යයි


වසර අටක් තිස්සේ ගල් කිරියාගම හොල්ලාගෙන ගැමියන් අට දෙනකු පමණ මරා දමා ගෙවල් විසි පහක් පමණ කැඩූ ”පලාගල මරුවා” දින හතරක දුෂ්කර මෙහෙයුමකින් පසුව අල්ලා බැඳ ගැනීමට වනජීවි නිලධරයෝ සමත් වූහ. නිලධරයන් දෙදෙනෙක්ද අලියාගේ ප‍්‍රහාරයෙන් අනු නවයෙන් බේරුණාහ. තමනට කෙතරම් හතුරුකම් කළත් ගැමියෝ තම ගමෙන් යන අලියා නෑවූහ. හොඳට කන්නට බොන්නට දුන්හ. නම හෙළිනොකළ රක්ෂිතයකට මේ අලියා මුදාහැරෙනු ඇත.