”දුමින්ද අල්ලන්න වරෙන්තු ඕනෑ නැහැ” By None // 2012 මැයි 08 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා අත්අඩංගුවට ගත නොහැකි බව රහස් පොලිසිය දන්වා නැති හෙයින් ඔහු ඇල්ලීමට වරෙන්තුවක් නිකුත් කිරීම අවශ්‍ය නැතැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා, පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ නීතිඥවරයාට දැන්වීය. රහස් පොලිසිය අධිකරණයට දැන්වූයේ ඒ ගැන නීතිපතිගෙන් උපදෙස් ලැබී නැති බවයි. දුමින්ද අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ඕනෑ නැතැයි ද මහේස්ත‍්‍රාත් ප‍්‍රකාශ කෙළේය. පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා උසාවිය ළඟදී උද්ඝෝෂණයක් පවත්වා දුමින්ද අත්අඩංගුවට ගැනීම සඳහා දෙවියන්ගෙන් වරෙන්තුවක් පතා ඇතැයි දුමින්ද සිල්වා පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුර පේ‍්‍රමරත්න මහතා කීවේය. ”නුවණට අධිපති ගණදෙවියෝ. සංගීතයට අධිපති සරස්වතී දේවියයි. එසේ වරෙන්තු නිකුත් කිරීමට අධිපති දෙවියකු නැතැයි” ඔහු කීවේ හිරුණිකා උසාවියට අපහාස කළැයි සඳහන් කරමිනි. හිරුණිකාට ඇතැයි කියන ජීවිත තර්ජන ගැන කොළඹ අපරාධ විමර්ශන පොලිසිය පරීක්ෂණ පවත්වන බවත්, ගංගොඩවිල මහේස්ත‍්‍රාත්ට ඒ ගැන වාර්තාවක් ඉදිරිපත් කැර ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. සැකකරුවෝ ලබන 22 වැනිදා තෙක් යළි රිමාන්ඞ් කරනු ලැබූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත