”දැන්ම නිවන් දකින්න බැහැ”


”මා හැමදාම පිරිත් අසා නින්දට යන්නේ. එවිට නින්දේදී මැරුණොත් සුරංගනාවියන් එක්ක මල් කඩන්න වේවි. දැන්ම නිවන් දකින්න බැහැ. ජොලියක් දාන්න බැරි නිසා දිව්‍යලෝකේ ගිහිල්ලා සුරංගනාවියන් එක්ක මල්කඩා කරට උඩින් අතදාගෙන ගිහිල්ලා තමයි මැරෙන්න  ඕනෑ. යාළුවන් නිසා එක සිල් පදයක් කැඩෙනවා. රතු වයින් ටිකක් බොනවා. දිව්‍යලෝක පෝලිමේදී ලෝ දිය ටිකකුත් කටේ හලාවි.” ඇමැති මර්වින් සිල්වා මහතා එසේ කීවේ වීර කැප්පෙටිපොළ පිළිරුව පලාගලදී විවෘත කරමිනි. එදා කැප්පෙටිපොළ සමග තමාද සිටින්නට ඇතැයි කී ඔහු කැප්පෙටිපොළ තුමා අල්ලා ගැනීමට ඔත්තු දුන් වෙලාවේ තමා එතැන සිටියා නම් රෙදි වෙළෙන්දාගේ රෙද්ද ගලවා ගහක එල්ලන බවද කීවේය.