කෑගල්ල ලංගම ඩිපෝවේ අබලන් බස් විස්සක් අලූත්වැඩියා කැර අතුරු පාරවල ධාවනයට යොදාගැනීම නිමිත්තෙන් ප‍්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම, ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ජගත් බාලසූරිය, පශු සම්පත් නියෝජ්‍ය ඇමැති එච්.ආර්. මිත‍්‍රපාල මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් උත්සවයක් පැවැත්විණි.
බස් තුනක් පණගැන්වීමට තල්ලූ කිරීමට සිදුවිය. කොළඹින් ගිය ලංගම අමුත්තෝද, පොලිසියද තවත් අයද ඊට එක්වූහ. තල්ලූ කිරීමෙන් දෙකක් පණගන්වා ගත හැකි විය. ඇමැති ගිය පසුද සේවකයෝ තවත් බසයක් තල්ලූ කරමින් සිටියහ. සබරගමු පළාත් ඡන්දය ලබන අටවැනිදා පැවැත්වීමට නියමිතය.