”උතුරු මැද විපක්‍ෂයට පලාබෙදලා”


උතුරු මැද පළාත් සභාව විපක්‍ෂ මන්ති‍්‍රනට හිතුමතේට සලකන්නේ නම් සියලූ කාරක  සභා හා කමිටුවලින් ඉවත්වන බව එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රත ඞී.එම්. අමරතුංග මහතා එහි සභාපති ඞී.ඇම්. ආර්. සිරිපාල මහතාට පැමිණිලි කෙළේය. සභාපති විසින් සභාවට ඉදිරිපත් කරන ලේඛනයන් අනුව කාරක සභා හා කමිටු කිසිවක සභාපති පදවි විපක්‍ෂයට දී නොතිබිණි.මහජන පෙත්සම් කාරක සභාවේත් ගිණුම් කාරක සභාවේත් සභාපති පදවි මීට කලින් විපක්‍ෂයට හිමිවිය. පක්‍ෂ නායක යෝජනා හා  අදහස් අනුව තමා කි‍්‍රයා කරන බවත්  තමා වැරැදිනම් විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බවත් සභාපති කිවේය.