”ඇල්ලූ පරිගණකයක කුණුහරුප දර්ශන”


ලංකා මිරර් හා එක්ස් නිව්ස් වෙබ් අඩවි ගැන පරීක්‍ෂණ පැවැත් වූ පොලිසිය අද කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට දැන්වූයේ ලංකා මිරර් කාර්යාලයේ පරිගණකවල අසභ්‍ය දර්ශන තුබු බවයි. ඒ ගැන නීතිමය පියවර ගන්නා බවද රහස් පොලිසිය කරුණු සැල කෙළේය. රුවන් පර්ඩිනන්ඞ් ගෙන් ප‍්‍රකාශයක් ලියාගැනීමට නියමිත බවද පරීක්‍ෂණ අවසන් නැති බවද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. වැඩිදුර විභාග ලබන 27 වැනිදාට කල් තැබිණි.