”13 හා 18ත් එපා”
පළාත් සභා පිහිටැවීම ඇතුළු බලය විමධ්‍යගත කිරීම සඳහා පැනැවූ 13 වැනි ආණ්ඩුක‍්‍රම සංශෝධන පමණක් නොව ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරමින් ජනාධිපතිට සියලූ බලතල දුන් 18 වැනි සංශෝධනයත්, විධායක ජනපති ක‍්‍රමයත් යන තුනම අවලංගු කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි.
පක්‍ෂ මූලස්ථානයේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ඔහු පැවසුවේ දිවි නැගුම පනත සම්මත කර ගන්නට කැස කවන රජය නින්දෙන් අවදි වූ කාලයක මෙන් නන්දොඩවන බවයි.

