“සූජීවා’’ ඇතින්න-පැටවා කිසිදු පාර්ශවයකට නොපවරන්නැයි අතුරු නියෝගයක්



( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

වන ජීවි  සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින "සුජීවා" නැමැති ඇතින්නිය සහ තුන් මාසයක් වයසැති ඇයගේ පැටවා කිසිදු පාර්ශවයක් වෙත මුදාහැරීමෙන් වළකාලමින් අභියාචනාධිකරණය ඊයේ එම දෙපාර්තමේන්තුවට එරෙහිව අද  (22) අතුරු  නියෝගයක් නිකුත් කළේය.

ලබන 29 වැනි තෙක් බලපැවැත්වෙන පරිදි මෙම අතුරු නියෝගය නිකුත් ලැබ ඇත.

ඒසේම අභියාචනාධිකරණ නියෝග කරන තෙක් එම ඇතින්න සහ ඇයගේ පැටවා වනජීවි සංරක්ෂණ දොපාර්තමේන්තුව බාරයේ රදවා තබා ගන්නා ලෙසද  නියෝග කෙරිණි.

අභියාචනාධිකරණය විසින් නිකුත් කළ අතුරු නියෝගය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයාට දන්වා යවන  ලෙසද වෙත දැනුම් දෙන ලෙසද අභියාචනාධිකරණ ලේඛකාධිකාරිවරයාට අධිකරණයෙන් නියෝග කෙරිණි.

අභියාචනාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ එම ඇතින්න හා පැටවා කිසිදු පාර්ශවයකට නොපවරන්නැයි ඉල්ලා පාරිසරික සංස්කෘතික අධ්‍යයන කේන්ද්‍රය සහ සත්ත්වයින් උදෙසා යුක්තිය නමැති සංවිධානය විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම් දෙකක් සලකා බැලීමෙන්  පසුවය.