(ඩයනා උදයංගනී)
විශ්ව විද්‍යාල සිසුන්ට සහ මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට පළමුව ෆයිසර් එන්නත ලබා දෙන්නැයි තමා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
සිසුන් සංඛ්‍යාව අඩු පාසල් විවෘත කිරීමට වඩා මෙම අවස්ථාවේදී වැදගත් වන්නේ විශ්ව විද්‍යාල හා මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එන්නත් ලබා දී ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එබැවින් 80,000 ක් පමණ වන මෙරට විශ්ව විද්‍යාල සිසුන්ට සහ ලක්ෂ තුනක් පමණ වන මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට පළමුව ෆයිසර් එන්නත ලබාදීම වැදගත් බවද පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

