“විටින් විට තද සුළං“


රාත්‍රී සහ අළුයම කාලයේ පැවති තද සුළං තත්ත්වය මේ වනවිට පහවගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ඩී.කාරියවසම් මහතා පවසයි. මධ්‍යමකඳුකරයේ බටහිර බෑවුමට, බස්නාහිර හා දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකට හා වෙරළබඩ ප්‍රදේශවලට මෙම සුළඟේ බලපෑම් සිදුව ඇතැයි ද ඒ මහතා කීවේය. ඇතැම් ස්ථානයන්හි පැයට කිලෝමීටර 100 ට ආසන්න වේගයකින් සුළං හමා යන්නට ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිරිතදිග මෝසම් සුළං සක්‍රීය වී ඇති බැවින් විටින් විට තද සුළං තත්ත්වයන් හටගන්නා බවත් සෑම අවස්ථාවකදීම ඒ පිළිබඳ පූර්ව අනතුරු හැඟවීම් සිදුකිරීමට කටයුතු කැර ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.