(මොහොමඩ් ආසික්)
චීනයේ කොරෝනා වෛරසය මුල් වරට සතුන්ගෙන් පැතිර ගියද ඉන් පසුව පැතිර ඇත්තේ මිනිසාගෙන් මිනිසාට බවත්, ලංකාවේ සතුන්ගෙන් මෙම වෛරසය බෝවීමට කිසිදු ඉඩක් නොමැති බවත් මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ආර්.එම්.කේ.පී. රාජනායක මහත්මිය සඳහන් කළාය.
චීනයේ මෙම වෛරසය මුලින් ආසාධනය වී ඇත්තේ වවුලන් සහ සර්පයින්ගෙන් බවට වාර්තා වන අතර, අපේ රටේද එම සතුන් දක්නට ලැබෙන බැවින් එම සතුන් මගින් වෛරසය පැතිරයාමේ අවදානමක් පවතින්නේද යන්න පිළිබඳව අධ්‍යක්ෂවරියගෙන් කළ විමසුමකට ඇය එසේ කීවාය.
මෙම වෛරසය මුලින් සතුන්ගෙන් මිනිසාට ආසාධනය වුවද ඉන් පසුව දිගින් දිගටම මිනිසාගෙන් මිනිසාට බෝවන නිසා නැවත සතුන් මගින් බෝවීමක් වාර්තා වී නැතැයි ඇය සඳහන් කළාය.
කෙසේ නමුත් එම සතුන් සමඟ අපේ සමාජයේ ගනුදෙනුවක් නොමැතිවීම නිසා ඒ සඳහා බියක් ඇති කරගත යුතු නැතැයිද ඇය සඳහන් කළාය.


