(නිමල කොඩිතුවක්කු)
රටේ මේ වන විට පවතින උග්‍ර ඖෂධ හිඟය හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (31) පැවසීය.
ඇතැම් ඖෂධ කඩිනමින් අනුමැතියට යටත් කළ යුතු වුවත් ගජ මිතුරන්ට වාසි සලසා දීම හේතුවෙන් ආණ්ඩුවේ බලධාරීන් හිතාමතා ඒවා ප්‍රමාද කරන බවත් විපක්ෂ නායකවරයා සදහන් කළේය.
කොරෝනා ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රෝහල් සඳහා සෞඛ්‍ය උපකරණ ප්‍රදානය කිරීම සඳහා ක්‍රියාත්මක "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහනේ 23 වන පියවර යටතේ රුපියල් හතලිස් හත් ලක්ෂ පනස් දහසක් වටිනා රෝහල් උපකරණ මාතලේ රෝහලට පරිත්‍යාග කරමින් ඔහු මේ බව පැවසීය.

