මහා පරිමාන ලෙස වංචා කළ රාජපක්ෂ රජයේ දේශපාලඥයන් පිරිසක් රට පැන ඇතැයි ද ජාත්‍යන්තර පොලිසියේ සහයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන බව හිටපු ඇමති රාජිත සේනාරත්න කියයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඔහු එසේ කීවේය.
රටට අවැඩ කළ කිසිවෙකුට බේරීයාමට ඉඩ නොදෙන බව ද ඔහු කීවේය.
ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි පැවසුවේ ඡන්ද සමයේ මාධ්‍ය ආයතනවලින් ලංකාදීප, සිරස හා ටී.එන්.එල්. ආයතන පමණක් අපක්ෂපාතීව හා ස්වාධීනව ක්‍රියාකළ බවයි. හිමියෝ ඒ ආයතනවලට කෘතඥතාව පළ කළහ.
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පැවසුවේ පසුගිය රජය කාලයේ තිබුණාටත් වඩා සාමකාමී වටපිටාවක් උතුරේ පවතින බවයි. නොයෙක් කටකතා පතුරුවතත් ඒවායේ සත්‍යතාවක් නොමැති බව ද ඔහු කීවේය.

