(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තමාට රේන්ජ් රෝවර් වර්ගයේ වාහනයක් සහ කෝට්ටේ ප්‍රදේශයේ කෝටි දෙකක් වටිනා නිවෙසක් තිබෙන බව ඔප්පු කළහොත් ඒ මොහොතේම ඒ ඔප්පු කරන අයට එම දේපළ පවරා දීමට කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා තමාට අනුරාධපුරයේද නිවාස කිහිපයක් ඇතැයි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ බවත් එයද පට්ටපල් බොරුවක් බවත් හෙතෙම සඳහන් කළේය.
අනුරාධපුරයේ එවැනි නිවාස ඇතැයි ඔප්පු කළහොත් ඒ නිවාසද එලෙස ඔප්පු කරන අයට ලියා දෙන බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
තමා ගේ මහාචාර්ය ධූරය ගැනද රජිත මන්ත්‍රීවරයා චෝදනා කළ බවත් තමා මහාචාර්ය ධූරයට පත්වූයේ නියම ලකුණු වලට වඩා තුන් ගුණයක් ලබාගෙන බවත් ඔහු පැවසුවේය.
ජයසුමන මහතා මෙසේ පැවසූවේ මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා චන්න ජයසුමන මහතා සම්බන්ධයෙන් කළ චෝදනාවලට පිළිතුරු දෙමිනි.
රාජිත සේනාරත්න මහතා චන්න ජයසුමන මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඊයේ චෝදනා රැසක් ඉදිරිපත් කළේය.

