“කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව එක්කෝටි තිස්ලක්ෂකට ලබාදීලා’’


(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන වැඩසටහන යටතේ මේ වන විට  පුද්ගලයින් එක්කෝටි තිස්ලක්ෂකට පමණ පළමු මාත්‍රාව ලබාදී ඇතැයි පුවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවාය.

එය රටේ ජනගහනයෙන් සියයට 63ක පමණ ප්‍රමාණයකැයිද චිත්‍රමාලී ද සිල්වා මහත්මිය කීවාය.

තවද මෙරට ජනතාවගෙන් වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ගෙන් සියයට 50කට පමණ එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇතැයිද විශේෂඥ වෛද්‍යවරිය කීවාය.