(යොහාන් භාසුර)
උතුරු මැද සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් පසුගිය සති කීපයේ කළ වැටලීම්වලින් බාරයට ගත් වී මෙටි්‍රක්ටොන් 6727.6 ක් හෙවත් කිලෝ ලක්‍ෂ 68 කට ආසන්න ප්‍රමාණය මේ වන විට වී අළෙවි මණ්ඩලය මිලදී ගෙන ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය පවසයි.
මෙම විශාල වී තොගය ගබඩා 100 කට ආසන්න සංඛ්‍යාවකින් සොයාගත් බවත් වී අළෙවි මණ්ඩලය රජයේ පාලන මිලට ඒවා මිලදී ගත් බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
මෙම වී තොග ඉදිරියේදී වී අළෙවි මණ්ඩලය සහල් බවට පත්කර සතොස හරහා ජනතාවට සහන මිලට ලබාදීමට නියමිත බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය එම ක්‍රියාවලිය අධීක්‍ෂණය කරන බවත් එම කාර්යාලය වැඩි දුරටත් කියයි.

