(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව කළ එකම දෙය ලොකු මිනිහාට බදු සහනය දී පොඩි මිනිහාට බඩගින්න දීම යැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ ප්‍රශ්න ගැන වගකීම තිබිය යුත්තේ කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට බව කී රනිල් වික්‍රමසිංහ මහතා මිලිටරිකරණයෙන් රට පාලනය කිරීම වැරදි සහගත බවද පැවසීය.
ලැබුණු ජනවරම හරියාකාරව යොදවන්නේ නැතිව රට හමුදාකරණයට ගෙන යන්න එපා යැයි කී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු බලතල ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් අවශ්‍ය බවද සඳහන් කළේය

