“අත්අඩංගුවට ගත් වෙබ් අඩවි මාධ්‍යවේදියාගේ ජීවිතාරක්‍ෂාව තහවුරු කරන්න’’


(යොහාන් භාසුර)

පොලිසිය අත්අඩංගුවට ගෙන සිටින වෙබ් අඩවියක සේවය කරන මාධ්‍යවේදියා සම්බන්ධයෙන් නියමිත නීතිමය ප්‍රතිපාදන යටතේ පරීක්‍ෂණයක් කර ඔහුගේ ජීවිතාරක්‍ෂාව තහවුරු කරන ලෙස මාධ්‍ය සංවිධානය එකමුතුව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.

කීර්ති රත්නායක නැමැති අය ඉන්දියානු තානාපති කාර්යාලයට කිසියම් තොරතුරක් ලබාදුන්නේ යැයි අත්අඩංගුවට ගෙන දින 90 ක රැඳවුම් නියෝග මත පොලිස් බාරයේ සිටින බවත් අධිකරණ ක්‍රියාවලියකදී කිසියම් සිද්ධියකට අදාල මූලාශ මිස තොරතුරු ලැබුණු මූලාශ හෙළිදරව් නොකිරීමට වෘත්තීය වගකීමක් සහ සම්ප්‍රදායක් මාධ්‍යවේදීන්ට ඇති බවත් එම ලිපියේ සඳහන් වේ.

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මලෙනය, නිදහස් මාධ්‍ය ව්‍යාපාර, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, දෙමළ මාධ්‍ය සංසදය සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙම ලිපියට අස්සන් තබා තිබේ.