
(යොහාන් භාසුර)
කොළඹ, බ්ලූමැන්ඩල් කුණු කන්ද කොම්පෝස්ට් පොහොර බවට පරිවර්ථනය කිරීමේ මූලික පියවර ගනිමින් සිටින්නේ යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී.දොළවත්ත මහතා පැවසීය.
බ්ලූමැන්ඩල් කුණු කන්දේ පස් සාම්පල් අරගෙන විශේෂඥ දැනුමත් එකතු කරගෙන ජනතාවට ප්‍රයෝජනවත් වන කොම්පෝස්ට් පොහොර ව්‍යාපෘතියකට හරවන්න බලාපොරොත්තු වන බවත් මෙහි වසර ගණනාවක් තිස්සේ දියාපත්වෙමින් තියෙන සහ නොදිරණ ද්‍රව්‍ය ඇති බවත් දොළවත්ත මහතා පවැසීය.
මන්ත්‍රීවරයා පැවසුවේ එහි සංඝටක පිළිබඳව අවදානය යොමු කර ප්‍රදේශයේ ජනතාවගේ සහයෝගයත් සමඟ කුණු කන්ද කොම්පෝස්ට් ලෙස භාවිතා කිරීමේ මූලික පියවර ගැනීම සඳහා නිරීක්‍ෂණය කළ බවත්ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී.දොළවත්ත මහතා අද (23) බ්ලූමැන්ඩල් කුණු කන්ද පරීක්‍ෂා කිරීමෙන් පසුව එසේ පැවසීය.



