(ඩයනා උදයංගනී)
කෙරවලපිටිය බලාගාරය ඇමෙරිකානු සමාගමකට ලබාදීම ගැන මෙතෙක් එකඟතාවක් ඇතිවී නැති බවත් දැනට පවතින්නේ දෙපාර්ශවය අතර සංකල්පීය එකඟතාවයක් පමණක් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (22) පැවති කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
තමන් හිටපු විදුලිබල අමාත්‍යවරයා ලෙස සිටියදී මේ සම්බන්ධයෙන් තම ස්ථාවරය ජනාධිපතිවරයාට හා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කී ඇමතිවරයා එය ලංකා විදුලිබල මණ්ඩලයේ ස්වභාවික ද්‍රව වායු බලාගාර පිළිබඳ ටෙන්ඩර කටයුතුවලට බාධාවක් නොවන අයුරින් සිදුවිය යුතුය යන්න තම ස්ථාවරය බව ද කීවේය.
රටට අවශ්‍ය ස්වභාවික ද්‍රව වායු ලබාගැනීමේ දී කිසියම් රටක ඒකාධිකාරයක් ඇති නොවිය යුතු බව ද ඇමතිවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යවරයා ඉදිරියේ දී ප්‍රකාශයක් කරනු ඇතැයි ද අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

