’සෞඛ්‍ය ඇමැති ධනාත්මක වුවත් වැඩපිළිවෙල සෘණාත්මකයි’


(අංජුල මහික වීරරත්න)

ලෝකයේ  රටවල් කොරෝනා රෝගීන් සහ රැළි අඩුකර ගන්නේ විද්‍යාත්මක ලොක් ඩවුන්  කිරීමෙන් වුවත් ලංකාව කොරෝනා රෝගීන්  අඩුකර ගන්නේ පරීක්ෂණ අඩු කිරීමෙන් යැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

අලුත් සෞඛ්‍ය ඇමති ධනාත්මක බව ඔහු සමඟ  පැවති සාකච්ඡාවේදී තේරුම් ගිය නමුත් සෞඛ්‍ය උපදෙස් අනුව පරීක්ෂණ කර රෝගීන් ලක්ෂ දෙක තුනක් වාර්තා වුවහොත් ඒ තත්ත්වය පාලනය කරන්නේ කෙසේද යන ප්‍රශ්නය ආණ්ඩුවට තිබෙන බවද රත්නප්‍රිය මහතා  සඳහන් කළේය.