’සාරු සම්පත්’ ගිනි අවියක් සමඟ අත්අඩංගුවට


(එම්.සුසිල් ප්‍රියන්ත)
 
පාතාල සාමාජික 'සාරු සම්පත්' නමැත්තා අද (04) ගිනි අවියක් සමග හික්කඩුව කලූපේදි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි.

 
සැකකරු, පාතාල කණ්ඩායම් නායක සමයං නමැත්තා ඝාතනයේ සැකකරුවකු වන, පාතාල සාමාජික කලූපේ රොෂාන් නමැත්තාගේ ගෝලයකු බව පොලිසිය පවසයි.
 
සැකකරු ළග තිබූ ගිනි අවිය දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින 'මෝල් අමියා' නමැති පාතාල සාමාජිකයාට අයත් එකක් බවට අනාවරණය වී ඇත.
   
ලද තොරතුරකට අනුව සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු ළග තිබී මේ ගිනි අවිය සොයා ගත් බවද පොලීසිය කියයි. එය මිලි මීටර නවයේ පතුරොම් දැමිය හැකි ගිනි අවියක් බවද පොලීසිය කියයි.
     
සැකකරු හෙට (5 ) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.