(රංජන් කස්තුරි)
තමා නියෝජ්‍ය ඇමැතිධුරයෙන් ඉවත්කිරීම පිළිගන්නා අතර තවදුරටත් ශ්‍රීලනිප මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරන බව හිටපු සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.
තමාට තවදුරටත් ආණ්ඩුවේ රැදීසිටීමට අවශ්‍ය නොවු අතර ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳව මුල සිටම තමාට ප්‍රශ්න තිබු බවද ඔහු කියයි.
තමා ඇමැතිධුරයෙන් ඉවත් කළ හෙයින් ආණ්ඩුවෙන් ඉවත්ව යන ඇමැතිවරුන් පසුබසීවී යැයි කවුරුන් හෝ හිතන්නේ නම් එය වැරදීමක් යැයි ද අරුන්දික ප්‍රනාන්දු මහතා කීය.

