’පුහුල් හොරා කරෙන් දැනේ’ - මුජිබර් රහුමාන්


අංජුල මහික වීරරත්න
 
වංචා දුෂණ නඩු කඩිනමින් අසන්නට ගෙනා විශේෂ අධිකරණයට රාජපක්ෂ කල්ලිය විරුද්ධ විමෙන්ම ‘පුහුල් හොරා කරෙන් දැනෙන බව’ ජනතාව තේරුම්ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා මාධ්‍ය හමුවකදී අද (28) පැවසීය.


තමන් පිරිසිදු නම් නීතියට කට්ටි පනිමින් දඟලන්නේ කුමටද යන සරල ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙන ලෙස රාජපක්ෂ කල්ලියෙන් ඉල්ලා සිටින බවද මුජුබුර් රහුමාන් මහතා කීය.


පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.


ජනතාවට කුමන බොරුව කළත් හෘද සාක්ෂියට බොරු කරන්නට කිසිවකුටත් හැකියාවක් නැති බවද මන්ත්‍රීවරයා පැවසීය.