(රංජන් කස්තුරි)
රජයේ පාසලක පළමු ශ්‍රේණියේ පංතියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩිකර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ලබාගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
පළමු ශ්‍රේණියේ එක් පංතියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 40 සිට 35 දක්වා අඩු විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබාදී තිබේ.
ඒ අනුව වසර කිහිපයක සිට එක් ශිෂ්‍යයකු බැගින් අඩුවන ආකාරයට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ.
ඒ අනුව 2020 වසර සඳහා නිකුත් කළ චක්‍ර ලේඛයේ සඳහන් වන්නේ පළමු ශ්‍රේණියේ පංතියක ශිෂ්‍ය සංඛ්‍යාව 36ක් විය යුතු බවය. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව එක් පංතියක ශිෂ්‍ය සංඛ්‍යාව 35 බවට පත්විය යුත්තේ 2021 වසරේ සිටය.

