’කතානායකවරයා රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට පෙනී සිටිය යුතුයි’


 
 
                   
නාලක සංජීව දහනායක
 
පාර්ලිමේන්තුවේ ස්වාධීන චරිතයක් වන කතානායකවරයා එක්සත් ජාතික පක්‍ෂයේ ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට නොව රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ මහතා අද (16) පැවසීය.


එමෙන්ම කතානායකවරයා ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ හැඳී පාවිච්චි කරනවා මිස සාධාරණත්වයේ හැන්ද පාවිච්චි නොකරන බවද මන්ත‍්‍රීවරයා කීය.


එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද කීය.


අපිට විපක්‍ෂනායක ආර්.සම්පන්ධන් මහතා සම්බන්ධයෙන් පෞද්ගලික ගැටළුවක් හෝ ඔහුගේ ජාතිය සම්බන්ධයෙන් කිසිම ප‍්‍රශ්නයක් නැහැ. විපක්‍ෂනායකවරයා හා විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා ආණ්ඩුව ආරක්‍ෂාකිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අපිට ප‍්‍රශ්නයක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ ස්වාධීනවීම පිළිබඳව කතානායකවරයා දුන් තීන්දුව අපි පිළිගන්නේ නැහැ. ඔහු තමන්ගේ මධ්‍යස්ථ බව පාර්ලිමේන්තුවට පෙන්විය යුතුයි. 


කතානායකවරයා ආරක්‍ෂාකළ යුත්තේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මිස එක්සත් ජාතික පක්‍ෂයේ ව්‍යවස්ථාව නෙවෙයි. අද ඔහු පාවිච්චි කරන්නේ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ හැන්ද මිස සාධාරණත්වයේ හැන්ද නෙවෙයි.


ඒකාබද්ධ විපක්‍ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
 

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා