(පී.එම්. රාජපක්ෂ)
බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මඩොල්සිම ඇකිරිය ග්‍රාම නිලධාරී වසමට බලපෑ භූමි කම්පනය රිච්ටර් මාපකයේ 1.5 ක අගයක භූ කම්පනයක් බවත්, ඒ පිළිබඳ අනිතයත බියක් ජනතාව ඇතිකර නොගත යුතු බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේය.
ඇකිරිය ග්‍රාම නිලධාරි වසමේ එගොඩ ගම, අලුත්වත්ත, පල්ලේවෙල යන ගම්මානවල ජනතාවට අද (12) අලුයම 4.53ට පමණ භූකම්පනයක් හටගත්තේය. එම ප්‍රදේශයේ පසුගිය 22 දින අලුයම 3.30 ට පමණ පළමු භූ කම්පනය ඇතිවූ අතර මේවන විට සති තුනක කාලයකදී භූ කම්පන 5ක් වාර්තා වී තිබේ.
මධ්‍යම කඳුකරයේ භූ විද්‍යා සිතියම නිරීක්ෂණය කිරීමේදී පොළොව අභ්‍යන්තරයේ විභේද (පැලුම්) විශාල ප්‍රමාණයක් තිබෙන බව පැහැදිලිව දක්නට ලැබෙන බවත්, මෙම විභේදවල යම් අකාරයක චලනයක් සිදුවනවිට භූමිකම්පාවක ලක්ෂණ දක්නට ලැබෙන බවත් මහචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් පැවසීය.
මහනුවර දිස්ත්‍රික්කයේ වික්ටෝරියා, නුවරඑළිය දිස්ත්‍රිකක්යේ වලපනේ හා බදුල්ල දිස්ත්‍රික්කයේ මඩොල්සිම භූ කම්පන ඇතිවූ ප්‍රදේශ සිතියමක ලකුණු කළ විට මෙම විභේද හා එම කම්පන අතර සබඳතාවක් පවතින බවක් පැහැදිලි වන්නේ යැයිද ඒ මහතා සඳහන් කරයි.
මෙම භූකම්පන සිදුවූ අවස්ථාවේ දි ලෝකයේ වෙනත් කිසිදු ප්‍රදේශයක ඒ මොහොතේ භූ කම්පනයක් ඇතිව නොමැති බවත්, මේ නිසා මෙම කම්පන ඒ ප්‍රදේශය ආශ්‍රිතවම සිදුවන්නක් බවත්, නිගමනය කළ හැකි බවත් මහචාර්යවරයා අවධාරණය කළේය.

