( තිළිණි ද සිල්වා )
මෙරට ආගමික ප්‍රජාවන්ට එරෙහිව සිදුවෙන වෛරී ප්‍රකාශ සහ ප්‍රචණ්ඩ තත්ත්වයන් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.
මෙලෙස වර්ගවාදී හා ජාතිවාදී ක්‍රියාවන් සිදුකිරීමට මුල්වන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවද එම සංගම් සභාපති ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා මහතා කියා සිටියි.
එහි සභාපති ජනාධිපති නීතීඥ යූ. ආර් ද සිල්වා මහතා සඳහන් කළේ මෙම තත්ත්වය හේතුවෙන් මෙරට ජාතික සමගියට දැඩි බාධාවක් සිදුව ඇති බවයි.
නීතියේ ආධිපත්‍ය දැඩි ලෙස සුරකින ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක එවැනි තත්ත්වයක් අපෙක්ෂා කළ නොහැකි බව ජනාධිපති නීතීඥ යූ.ආර් ද සිල්වා මහතා පැවසීය.

